සුපිරි වෙළෙඳසලක සිදුවූ අමුතුම හොරකම.. සරසවි සිසුවෙකුට සිදුවුණු අකරතැබ්බය..
කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක බඩු බාහිරාදිය භාරගන්නා ස්ථානයේ තබා තිබූ ලැප්ටොප් බෑගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවය කළ සේවිකාවක් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
අදාළ ලැප්ටොප් පරිගණකය හා එහි උපාංගවල වටිනාකම රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් (265,000) පමණ වනබව වාර්තා කරලා තිබෙනවා.
පැමිණිලිකාර විශ්වවිද්‍යාල සිසුවා භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුපිරි වෙළෙඳසලට ඇතුළු වීමට පෙර තම බෑගය අදාළ අංශයට භාරදී ඒ සඳහා වන ටෝකන් පත (Token) ලබාගෙන තිබෙනවා.
කෙසේවෙතත්, ඔහු නැවත පැමිණ ටෝකන්පත ඉදිරිපත්කර තම බෑගය ඉල්ලා සිටියද එය එම ස්ථානයේ නොතිබූ බව පොලිසිය සඳහන් කළා.
සිසුවා කළ පැමිණිල්ලකට අනුව වහාම පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, එම ස්ථානයේ සේවය කළ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සේවිකාවක සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. බෑගය අස්ථානගත වූයේ කෙසේද යන්න පිළිබඳව ඇයගෙන් ප්‍රශ්නකර තිබෙනවා.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්නගේ උපදෙස් මත අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සාර්ථක වැටලීමක් සිදුකර තිබෙනවා.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළා.