බස් ගාස්තු වැඩිවෙයි කියලා බයෙන්ද ඉන්නේ? ජාතික ගමනාගමන කොමිසම ගත්ත හදිසි තීරණය මෙන්න.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගත්ත ද, එම මිල ඉහළයාම මත පදනම්ව බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ නිල ස්ථාවරය අද දිනයේදී එම කොමිසම විසින් මාධ්‍ය වෙත අනාවරණය කළා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළා.
ඉන් අනතුරුව ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් ද සිය මිල ගණන් ඉහළ දැමූ බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මිල සංශෝධනය බස් ගාස්තු සංශෝධනයක් සඳහා ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් ගාස්තු ඒ අයුරින්ම පවත්වාගෙන යනබව ගමනාගමන කොමිසම සඳහන් කළා.
මේ මිල ඉහළයාම හේතුවෙන් බස් ගාස්තු වැඩිවනු ඇතැයි ජනතාව දැඩි සැකයකින් පසුවූ අතර, ගමනාගමන කොමිසමේ මේ තීරණයත් සමඟ මගී ජනතාවට යම් සහනයක් ලැබී තිබෙනවා.