බස් ගාස්තු වැඩිවෙයි කියලා බයෙන්ද ඉන්නේ? ජාතික ගමනාගමන කොමිසම ගත්ත හදිසි තීරණය මෙන්න.
Sunday, 03 May 2026 - 12:13 | Views - 74
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගත්ත ද, එම මිල ඉහළයාම මත පදනම්ව බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ නිල ස්ථාවරය අද දිනයේදී එම කොමිසම විසින් මාධ්‍ය වෙත අනාවරණය කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළා.

ඉන් අනතුරුව ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් ද සිය මිල ගණන් ඉහළ දැමූ බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මිල සංශෝධනය බස් ගාස්තු සංශෝධනයක් සඳහා ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් ගාස්තු ඒ අයුරින්ම පවත්වාගෙන යනබව ගමනාගමන කොමිසම සඳහන් කළා.

මේ මිල ඉහළයාම හේතුවෙන් බස් ගාස්තු වැඩිවනු ඇතැයි ජනතාව දැඩි සැකයකින් පසුවූ අතර, ගමනාගමන කොමිසමේ මේ තීරණයත් සමඟ මගී ජනතාවට යම් සහනයක් ලැබී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top