ඉන්ධන මිල අහස උසට යයි.. අලුත්ම මිල ගණන් මෙන්න.
Sunday, 03 May 2026 - 11:13 | Views - 93

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට සමගාමීව, මෙරට ක්‍රියාත්මක අනෙක් ඉන්ධන සමාගම් දෙක වන ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් ද සිය මිල ගණන් සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා.
මේ නව මිල ගණන් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාවට නංවා තිබෙනවා.
සිපෙට්කෝ මිල සංශෝධනයට අනුව සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබෙනවා.
සංශෝධිත මිල ගණන් අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන සියලුම නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇති අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 410.00ක්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 470.00ක්, ලංකා සුදු ඩීසල් රුපියල් 392.00ක්, ලංකා සුපිරි ඩීසල් රුපියල් 458.00ක් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 265.00ක් දක්වා මිල ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හා ඔටෝ ඩීසල් සඳහා සිපෙට්කෝ ආයතනය සිදුකළ මිල සංශෝධනයට සමගාමීව තමන්ද මිල ගණන් සංශෝධනය කරන බව LIOC හා SINOPEC සමාගම් නිවේදනය කළා.
කෙසේ වෙතත්, අනෙකුත් විශේෂිත ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.
Share This Article