ඉන්ධන මිල අහස උසට යයි.. අලුත්ම මිල ගණන් මෙන්න.
Sunday, 03 May 2026 - 11:13 | Views - 96
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට සමගාමීව, මෙරට ක්‍රියාත්මක අනෙක් ඉන්ධන සමාගම් දෙක වන ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් ද සිය මිල ගණන් සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා.

මේ නව මිල ගණන් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාවට නංවා තිබෙනවා.

සිපෙට්කෝ මිල සංශෝධනයට අනුව සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබෙනවා.

සංශෝධිත මිල ගණන් අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන සියලුම නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇති අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 410.00ක්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 470.00ක්, ලංකා සුදු ඩීසල් රුපියල් 392.00ක්, ලංකා සුපිරි ඩීසල් රුපියල් 458.00ක් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 265.00ක් දක්වා මිල ඉහළ දමා තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හා ඔටෝ ඩීසල් සඳහා සිපෙට්කෝ ආයතනය සිදුකළ මිල සංශෝධනයට සමගාමීව තමන්ද මිල ගණන් සංශෝධනය කරන බව LIOC හා SINOPEC සමාගම් නිවේදනය කළා.

කෙසේ වෙතත්, අනෙකුත් විශේෂිත ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top