රාජගිරියේ මහා පරිමාණ සයිබර් ජාවාරමක් පොලිස් දැලට කොටුවෙයි. සම්පූර්ණ විස්තරය මෙන්න.
Sunday, 03 May 2026 - 10:37 | Views - 69
රාජගිරිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සයිබර් අපරාධ ජාලයක් වටලා විදේශිකයන් 120 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වෙලා තිබෙනවා.
රාජගිරිය, මැදවැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී මේ වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීනය, මැලේසියාව, තායිලන්තය හා වියට්නාමය ඇතුළු රටවල් නවයකට (09) අයත් විදේශිකයන් සිටින බව පොලිසිය තහවුරු කළා.
ඔවුන් ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටින අතරතුර විවිධ සයිබර් අපරාධවලට සම්බන්ධ වී ඇති බවට සැකකර තිබෙනවා.
මේ වැටලීමේදී සයිබර් අපරාධ සඳහා භාවිතා කළ අති නවීන පරිගණක හා විවිධ තාක්ෂණික උපකරණ රැසක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. එම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 100කට වඩා අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ජාත්‍යන්තර මට්ටමින් සිදුකෙරෙන මූල්‍ය වංචා හෝ වෙනත් සයිබර් ප්‍රහාර සඳහා මේ මධ්‍යස්ථානය භාවිතකර ඇතිබව පොලිසිය සැක පළකරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.
Share This Article