මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදියි. අධිකරණයෙන් ඔවුන්ට ලැබුණු නියෝගය මෙන්න.
Sunday, 03 May 2026 - 9:58 | Views - 163
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසල මහජනතාවට බාධාවන අයුරින් යතුරුපැදි සංදර්ශන පැවැත්වූ තරුණයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි යතුරුපැදි 22ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාර්ගයේ ගමන් ගන්නා පිරිස්වලට පීඩාවන ලෙස තරුණයින් පිරිසක් සංදර්ශනයක් පවත්වන බවට කඩුවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට රහසිගත තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ පොලිස් කණ්ඩායම්, කිසිවෙකුට පැනයාමට නොහැකිවන සේ අදාළ ස්ථානය වටකර සැකකරුවන් හා යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

මොවුන් වට්ස්ඇප් (WhatsApp) සමූහයක් හරහා සම්බන්ධවී මේ සංදර්ශනය සංවිධානය කර ඇතිබව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. අත්අඩංගුවටගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක්ද හමුවී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ අත්අඩංගුවටගත් සියලුම තරුණයින් කඩුවෙල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් වීමයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතුකර තිබෙනවා. කෙසේ වෙතත්, ලබන 05 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ඔවුන්ට නියෝගකර ඇතිබව පොලිසිය සඳහන්කළා.

මහා මාර්ගයේ මෙලෙස අවිනීත ලෙස හැසිරෙන පිරිස් සොයා ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top