මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදියි. අධිකරණයෙන් ඔවුන්ට ලැබුණු නියෝගය මෙන්න.
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසල මහජනතාවට බාධාවන අයුරින් යතුරුපැදි සංදර්ශන පැවැත්වූ තරුණයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඔවුන් පැමිණි යතුරුපැදි 22ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාර්ගයේ ගමන් ගන්නා පිරිස්වලට පීඩාවන ලෙස තරුණයින් පිරිසක් සංදර්ශනයක් පවත්වන බවට කඩුවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට රහසිගත තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ පොලිස් කණ්ඩායම්, කිසිවෙකුට පැනයාමට නොහැකිවන සේ අදාළ ස්ථානය වටකර සැකකරුවන් හා යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
මොවුන් වට්ස්ඇප් (WhatsApp) සමූහයක් හරහා සම්බන්ධවී මේ සංදර්ශනය සංවිධානය කර ඇතිබව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. අත්අඩංගුවටගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක්ද හමුවී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ අත්අඩංගුවටගත් සියලුම තරුණයින් කඩුවෙල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් වීමයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතුකර තිබෙනවා. කෙසේ වෙතත්, ලබන 05 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ඔවුන්ට නියෝගකර ඇතිබව පොලිසිය සඳහන්කළා.
මහා මාර්ගයේ මෙලෙස අවිනීත ලෙස හැසිරෙන පිරිස් සොයා ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කළා.