සංචාරක ක්ෂේත්රයේ දැවැන්ත පිම්මක්.. අප්‍රේල් මාසයේදී විතරක් ආපු සංචාරකයන් ගණන මෙන්න.
2026 වසරේ ගතවූ මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් අට ලක්ෂ පනස් අටදහස් පන්සිය විසි හත්දෙනෙකු (858,527) පැමිණ ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කරලා තිබෙනවා.
මෙය මෙරට සංචාරක ක්ෂේත්රය යළි වේගයෙන් හිස ඔසවන බවට කදිම සාක්ෂියක් බව එම අධිකාරිය සඳහන් කළා.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත්කළ නවතම දත්ත වාර්තාවලට අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් සංචාරකයන් 117,893 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
උත්සව සමය හා විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් මේ පිරිස ඉහළ ගොස් ඇතිබව ඔවුන් පවසා සිටියා.
මෙවර සංචාරක පැමිණීම් අතර රටවල් කිහිපයක් කැපී පෙනෙන මට්ටමක සිටියා. ඒ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් ලෙස ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය, ජර්මනිය රටවල් හඳුනාගෙන තිබෙනවා.
විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය වැනි ආසියාතික රටවලින් සංචාරකයන් පැමිණීම මෙවර ඉහළ ගොස් ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය අවධාරණය කළා.
මේ වර්ධනයත් සමඟ වසර අවසානය වනවිට අපේක්ෂිත සංචාරක ඉලක්ක සපුරා ගැනීමට හැකිවනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළකර සිටිනවා.