වෙසක් දන්සල් සංවිධායකයන්ගේ අවධානයට! ලියාපදිංචි වෙන්න ඕනේ කොහොමද? සම්පූර්ණ විස්තරය මෙන්න.
Saturday, 02 May 2026 - 12:57 | Views - 76
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු එළඹෙන සඳුදා (04) සිට ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මේ පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකළා.

දිවයින පුරා පිහිටි සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල මට්ටමින් දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළා.

දන්සල් සංවිධායකයන්ට තමන්ගේ ප්‍රදේශයට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

දන්සල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කරලා තිබෙනවා.

මහජනතාවට ලබාදෙන ආහාරවල ගුණාත්මකභාවය හා පිරිසිදුකම තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ වැඩිදුරටත් අවධාරණය කළා.

පසුගිය වසරවල මෙන්ම මෙවරත් දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා විශේෂ මෙහෙයුම් දියත් කිරීමට සූදානමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top