Mortal Kombat රසිකයන්ට සුබ ආරංචියක්. දරුණු සටන්කරුවන්ගේ ගැටුම ළඟදීම..
Saturday, 02 May 2026 - 12:30 | Views - 402
ලොවපුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ගේ හා සිනමා රසිකයන්ගේ දැඩි අවධානය දිනාගත් Mortal Kombat සිනමා මාලාවේ නවතම දිගුව, Mortal Kombat II ඉතා ඉක්මනින් තිරගත කිරීමට Warner Bros. Pictures ආයතනය තීරණය කරලා තිබෙනවා.

මෙවර සිනමාපටය හරහා Shao Kahn ගේ අඳුරු පාලනයෙන් පෘථිවිය බේරාගැනීම සඳහා කෙරෙන අතිශය දරුණු හා ලේ වැගිරෙන සටන් පෙළක් නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් පියවරගෙන තිබෙනවා.

මෙවර සිනමාපටයේ රසිකයන් බොහෝ දෙනෙක් මඟබලා සිටි Johnny Cageගේ චරිතය සඳහා සුපිරි නළු Karl Urban තෝරාගෙන ඇති අතර පළමු චිත්‍රපටයේ සිටි Ludi Lin, Jessica McNamee හා Hiroyuki Sanada වැනි දක්ෂ නළු නිළියන් රැසක් මෙවරත් තමන්ගේ චරිත හරහා දැකගන්න පුලුවන්.

2021 වසරේ තිරගත වූ Mortal Kombat පළමු සිනමාපටය අධ්‍යක්ෂණය කළ Simon McQuoid මෙවරත් අධ්‍යක්ෂණයෙන් දායකවන අතර, Jeremy Slater විසින් මෙහි තිර රචනය සිදුකරලා තිබෙනවා.

James Wan ඇතුළු ප්‍රකට නිෂ්පාදකවරුන් පිරිසක් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරලා තිබෙනවා.

ලොව පුරා සිනමා ලෝලීන්ගේ කුතුහලය වඩවන මේ සිනමාපටය ජාත්‍යන්තර වශයෙන් මැයි මස 06 වැනිදා සිට තිරගත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

උතුරු ඇමරිකාවේ මෙය මැයි 08 වැනිදා සිට IMAX ඇතුළු සිනමාශාලාවලදී නැරඹීමට අවස්ථාව උදා වන බව නිල වශයෙන් නිවේදනය කළා.

Gallery JPG Image 8

Gallery JPG Image 7

Gallery JPG Image 6

Gallery JPG Image 5

Gallery JPG Image 4

Gallery JPG Image 3

Gallery JPG Image 2

Gallery JPG Image 1

Gallery JPG Image 12

Gallery JPG Image 11
Gallery JPG Image 9
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top