ලෝකයම පුදුම කළ 7 හැවිරිදි පුංචි වීරයා.. ලංකාවයි ඉන්දියාවයි යා කරපු විශ්මිත වික්‍රමය මෙන්න.
Saturday, 02 May 2026 - 11:27 | Views - 87
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අභියෝගාත්මක මුහුදු සීමාව තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි ඉෂාන්ක් සමත්වෙලා තිබෙනවා.

ඉතා කුඩා වයසින් ඔහු දැක්වූ මේ දක්ෂතාවය පිළිබඳව මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුවෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 29කට ආසන්න දුරක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා යමින් ඉෂාන්ක් මේ ඉතිහාසගත ජයග්‍රහණය වාර්තාකළා.

රළු මුහුදු රළ සමඟ සටන් කරමින් මේ දුර ප්‍රමාණය නිමකිරීමට ඔහුට ගතවූයේ පැය 9යි මිනිත්තු 50ක් වැනි කෙටි කාලයක් බව වාර්තාකළා.

ඉකුත් (30)වෙනිදා අත්කරගත් මේ ජයග්‍රහණයත් සමඟ ඔහු ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඉෂාන්ක්ගේ මේ අපූර්ව දක්ෂතාවය අගයමින් "විශ්ව වාර්තා සංසදය" (Universal Records Forum) මගින් ඔහුට "පෝක් සමුද්‍ර සන්ධිය තරණයකළ ලාබාලතම හා වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා" යන ලෝක වාර්තා සහතිකය පිරිනමා තිබෙනවා.

මීට පෙර කිසිදු දරුවෙකු මෙතරම් කුඩා වයසින් මෙවැනි අභියෝගයකට මුහුණ දී නොමැති බවයි සංසදය සඳහන් කළා.

මෙම ජයග්‍රහණය පිටුපස ඉෂාන්ක්ගේ දැඩි කැපවීමක් තිබූ බව පෙනීයනවා. ඔහු දිනකට පැය 4ක් 5ක් පුරා ධුර්වා වේල්ලේ පුහුණුවීම් කටයුතු සිදුකර තිබෙනවා.

අමන් කුමාර් ජයිස්වාල් සහ බජ්රං කුමාර් යන පුහුණුකරුවන් යටතේ ඔහු විශේෂ පුහුණුවක් ලබාගත් බව වාර්තා කළා.

රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාන්ක් ගැන එම පාසලේ විදුහල්පතිවරයා මහත් අභිමානයෙන් අදහස් දක්වා තිබෙනවා.

මෙතරම් කුඩා වයසකදී රළු මුහුදු තත්ත්වයන්ට මුහුණ දෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීම අසාමාන්‍ය ධෛර්යයක් බවත්, එය සෙසු සිසුන්ට මහත් ආදර්ශයක් බවත් ඔහු පවසා සිටියා.
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top