රට යන භික්ෂූන්ට යළිත් නීති තදවෙයි.. මහ නාහිමිවරුන්ගේ කොළ එළිය නැතුව විදේශගත වෙන්න බැහැ.
Saturday, 02 May 2026 - 10:52 | Views - 72
භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී අදාළ නිකායේ මහ නායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් අනිවාර්ය නිර්දේශ ලබාගත යුතුබවට පැවති නීතිය යළිත් දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පියවර අරගෙන තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මේ බව අනාවරණය කළා.

නව තීරණයට අනුව භික්ෂූන් වහන්සේ නමකට විදේශගත වීමට නම් විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේ හා අදාළ නිකායේ මහ නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය හා නිර්දේශ ලබාගැනීම අනිවාර්ය කරලා තිබෙනවා.

පසුගිය කාලසීමාවේදී යම් යම් හේතූන් මත මේ ක්‍රියාවලිය තාවකාලිකව නතරවී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මෑත කාලයේ වාර්තාවූ සාසන විරෝධී සිදුවීම් කිහිපයක් හේතුවෙන් මහ නාහිමිවරුන්ගේ උපදෙස් මත මේ තීරණයගෙන තිබෙනවා.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශයක සිට මෙරටට පැමිණි චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ කම්පන සහගත සිදුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මහ නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි සියලුම නිකායන්හි ලේඛකාධිකාරී හිමිවරුන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී, සාසනයේ උන්නතිය සහ ආරක්ෂාව වෙනුවෙන් මේ නිර්දේශ ක්‍රියාවලිය යළි ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී විදේශගත වන භික්ෂූන් වහන්සේලාගේ විනය හා අනන්‍යතාව ආරක්ෂාවන පරිදි කටයුතු කිරීමට රජය කැපවී සිටිනබව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top