"සඳ මල් පිපෙනා මේ රෑ යාමේ..." මැයි පෝයට පෑයූ විශේෂ සඳට වැටුණු අලුත්ම නම මෙන්න.
Saturday, 02 May 2026 - 10:12 | Views - 185
අධි වෙසක් පොහොය දින වූ ඊයේ (01) රාත්‍රියේ අහසේ දිස් වූ අතිශය මනරම් පූර්ණ චන්ද්‍රයා 'ෆ්ලවර් මූන්' (Flower Moon) ලෙස නම්කර ඇතිබව නාසා ආයතනය නිවේදනය කරලා තිබෙනවා.
ලොවපුරා අභ්‍යවකාශ ලෝලීන්ගේ අවධානය දිනාගත් මේ චන්ද්‍රයාගේ සේයාරුවක්ද නාසා ආයතනය විසින් අන්තර්ජාලයට මුදා හැරලා තිබෙනවා.
වසන්ත කාලයේදී සිදුවන මල් පිපීම සංකේතවත් කිරීම සඳහා මේ චන්ද්‍රයා 'Flower Moon' ලෙස නම්කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා . ඊයේ රාත්‍රියේ ලොවපුරා බොහෝ පිරිසක් ඉතා පැහැදිලිව මේ චන්ද්‍රයා නරඹමින් සිටියා.
මේ අතර නාසා ආයතනය තවත් විශේෂ අනාවැකියක් පළකර තිබෙනවා. ඒ අනුව එළඹෙන මැයි 30 වැනිදා දර්ශනය වන පූර්ණ චන්ද්‍රයා 'මයික්‍රෝ මූන්' (Micro Moon) ලෙස නම් කිරීමට ඔවුන් පියවරගෙන තිබෙනවා.
සඳ පෘථිවියට වඩාත් ඈතින් පිහිටන අවස්ථාවලදී මෙලෙස සඳ සාපේක්ෂව කුඩාවට දිස්වන බව විද්‍යාඥයන් පෙන්වාදීලා තිබෙනවා.
Share This Article