ඔස්කාර් රන් සම්මානයට මොකද වුණේ? නිව්යෝර්ක්වලදී බාරදුන් සම්මානය ජර්මනියේදී අතුරුදන්..
Saturday, 02 May 2026 - 8:49 | Views - 190
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් රුසියානු ජාතික පාවෙල් තලන්කින්ගේ (Pavel Talankin) ඔස්කාර් සම්මානය නිව්යෝර්ක් ගුවන් තොටුපොළකදී අතුරුදන් වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී, තලන්කින් සිය 'Mr Nobody Against Putin' වාර්තා චිත්‍රපටයට ලැබුණු ඔස්කාර් රන් සම්මානය සිය අත් බෑගයේ (Carry-on bag) තබාගෙන නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ජර්මනිය බලා යාමට පැමිණ තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ (TSA) පවසා ඇත්තේ මෙම සම්මානය ආයුධයක් ලෙස භාවිත කළ හැකි බැවින් එය අත් බෑගයේ රැගෙන යා නොහැකි බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහු සතුව වෙනත් ගමන් මලු (Checked bag) නොතිබූ බැවින්, ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සමාගමේ නිලධාරීන් මැදිහත් වී සම්මානය පෙට්ටියක බහා වෙනම ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහු ජර්මනියට ළඟා වන විට එම සම්මානය අතුරුදන් වී තිබූ බව තලන්කින් පවසන බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.

ලුෆ්තන්සා ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව තමන් කණගාටු වන බවත්, සම්මානය සොයා ගැනීම සඳහා පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම වාර්තා චිත්‍රපටයේ විධායක නිෂ්පාදක රොබින් හෙස්මන් පවසන්නේ, තලන්කින් මීට පෙර කිහිප වතාවක්ම සිය ඔස්කාර් සහ බාෆ්ටා (BAFTA) සම්මාන අත් බෑගයේ තබාගෙන ගමන් කර ඇති බවත්, මෙවැනි ගැටලුවකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.

පාවෙල් තලන්කින් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ වාර්තා චිත්‍රපටය මගින් රුසියානු පාසල් පද්ධතිය තුළ යුද ප්‍රචාරණය ව්‍යාප්තවන ආකාරය නිරූපණය කර ඇති බැවින්, රුසියාව තුළ මේ චිත්‍රපටය තහනම්කර ඇති අතර, තලන්කින් මේ වනවිට රුසියාවෙන් පිටුවහල්වී යුරෝපයේ ජීවත් වෙනවා.

අඟල් 13.5ක් උසින් යුත් ඔස්කාර් සම්මානයක් කිලෝග්‍රෑම් 3.9ක පමණ බරකින් යුක්තවන අතර, එය නිර්මාණය කිරීම සඳහා ඩොලර් 400ත් 1,000ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මූලාශ්‍රය | බීබීසී
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top