වැඩ කරන ජනතාවගේ බලය පෙන්වන මැයි දින රැලි ඇරඹෙයි..
Friday, 01 May 2026 - 17:11 | Views - 75
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට පක්ෂ රැසක් සංවිධානය කළ මැයි පෙළපාලි හා රැළි මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, “ජන රජයට ජන බලයක්“ තේමාවෙන් ජාතික ජන බලවේගය මහරගම නගරයේදී පැවැත්වීමට නියමිත මැයි දින රැලිය සඳහා පා ගමන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
 
එමෙන්ම, කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ මැයි දින රැළියක් අද (01) පෙරවරුවේ නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණේ ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

'පච මදිවට හොරු' යන්න තේමා කරමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඊට අදාළ මැයි දින පෙළපාලිය නුගේගොඩ - දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය දක්වා පැමිණියා.

එමෙන්ම, ''දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව '' යන්න තේමා කරගනිමින් සර්ව ජන බලයේ මැයි දින රැලිය මේ වන විට කොළඹ 5 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන්.

''දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක් '' තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ වූ අතර, ඔවුන් මැයි දින පෙළපාලියක් සංවිධානය කර තිබුණේ නැහැ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය හයිඩ් පිටියේදී පැවැත්වෙන්නේ ''අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක් ''යන්න තේමා කර ගනිමින්.අද පස්වරු 1.00ට මාලිගාකන්ද වයිට් පිටියෙන් එම පක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ කෙරුණා.

'ආර්ථික ස්වෛරීත්වය වෙනුවෙන් ජන බලයක් ගොඩ නගමු' යන්න තේමා කරගත් කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින සැමරුම පැවැත්වෙන්නේ බොරැල්ල කොමියුනිස් පක්ෂ මූලස්ථානයේදීයි.

එමෙන්ම ස්වාධීන වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සංවිධාන කරන මැයි පෙළපාලිය ලේක්හවුස් වට රවුමෙන් ආරම්භ වූ අතර, රැලිය පැවැත්වෙන්නේ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේදීයි.

එක්සත් ජාතික පක්ෂය ද මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි දින රැළි නොපවත්වන අතර, ඒ වෙනුවට එම පක්ෂය දන්සැලක් ඇතුළු සැමරුම් කිහිපයක් සංවිධාන කර තිබුණා.

පිටකෝට්ටේ ජාතික සේවක සංගම් කාර්යාලයේදී බිරියානි හා වටලප්පම් දන්සැලක් ඊයේ පැවැත්වුණේ, ඊට සමගාමීවයි.

සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයක් ද එම ස්ථානයේදී පැවැති අතර, අද පෙරවරුවේ මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණා.

මැයි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැළියක් නොපැවැත්වූ අතර, ඔවුන් සංවිධාන කළ ටී.බී ඉලංගරත්න ගුණ සමරුව නවම් මාවත ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුව අසලදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස පැමිණ සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එම අවස්ථාවට පැමිණියා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top