කන්ටේන‍ර් රථයට මැදිවූ තරුණ ජීවිතය.. නාවලපිටියේදී අද උදෑසන සිදුවුණු අවාසනාවන්ත අනතුරේ විස්තරය මෙන්න..
Friday, 01 May 2026 - 16:37 | Views - 97
නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳසලක් අසලදී අද (01) පෙරවරුවේ අතිශය අවාසනාවන්ත අනතුරක් සිදුවෙලා තිබෙනවා.

භාණ්ඩ රැගෙන ආ කන්ටේනර් රථයකට යටවීමෙන් එහි සහායකයා ලෙස කටයුතු කළ තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

නාවලපිටිය පොලිසිය පවසන පරිදි, කුරුණෑගල ප්‍රදේශයේ සිට අදාළ සුපිරි වෙළඳසලට ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි මේ කන්ටේනර් රථය, එහි ගබඩාව වෙත ඇතුළුකිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ සිට පසුපසට (Reverse) ධාවනයකර තිබෙනවා.

එම අවස්ථාවේදී රථයේ සහායකයා ලෙස කටයුතු කළ තරුණයා, රථයේ පසුපස කොටස හා ගබඩාවේ බිත්තිය අතරවූ පටු ඉඩෙහි සිරවී බිත්තියට හා කන්ටේනරයට මැදිවී බරපතළ තුවාල ලැබූ සහායකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

මියගිය තරුණයා වයස අවුරුදු 24ක අයෙකු බව පොලිසිය පවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top