රාජ්‍ය සේවයේ දහස් ගණනකට ලොකු සහනයක්.. රාජ්‍ය අංශයේ තාවකාලික සේවකයන්ට ස්ථීර පත්වීම් දෙන්න යනහැටි මෙන්න.
Friday, 01 May 2026 - 15:38 | Views - 76
2026 අයවැය යෝජනා මගින් ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින්, රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් සේවයකරන සේවකයන් ස්ථීරකිරීම සඳහා වූ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත්කර ඇති මේ චක්‍රලේඛයට අනුව, පසුගිය අප්‍රේල් 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා නිල අනුමැතිය හිමිවෙලා තිබෙනවා.

මෙය වසර ගණනාවක් පුරා ස්ථීර පත්වීම් අපේක්ෂාවෙන් සිටි සේවකයන්ට ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයක්.

චක්‍රලේඛයේ සඳහන් පරිදි, ස්ථීර පත්වීම් ලබාදීම සඳහා සලකා බලනු ලබන මූලික සුදුසුකම් ලෙස,2019 සැප්තැම්බර් මස 01 වැනි දිනට පෙර සේවයට බැඳී සිටීම.

අදාළ දිනට වැඩ කරන දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණකර තිබීම.

සේවා කාලය සතුටුදායක මට්ටමක පැවතීම.මේ පියවර හරහා මෙතෙක් අනාරක්ෂිත වෘත්තීය මට්ටමක සිටි රාජ්‍ය සේවකයන් රැසකට සිය අනාගතය ස්ථීර කරගැනීමට අවස්ථාව හිමිවෙලා තියෙනවා.

එම චක්‍රලේඛය පහතින් බලන්න.


Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top