දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන අයට හදිසි දැනුම්දීමක්.. රියදුරන්ට පොලිසියෙන් විශේෂ උපදෙස්.
අද (01) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තුවන ඔබ ඉතා සැලකිලිමත්විය යුතුයි.
මාර්ගයේ සිදුකරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් රථවාහන ධාවනය සීමාකිරීමට පොලිසිය පියවර අරගෙන තිබෙනවා.
ගැලනිගම හා දොඩංගොඩ අතර මාතර දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර් 17 - 19 අතර කොටස හා කිලෝමීටර් 28 - 30 අතර කොටස සඳහන් කොටස්වල මේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙනවා.
නඩත්තු කටයුතු හේතුවෙන් මාතර දෙසටවන මන්තීරුව සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.
ඒ වෙනුවට කොළඹ දෙසට ඇති මංතීරු දෙක දෙපසටම රථවාහන ධාවනය කළහැකි පරිදි බෙදා වෙන්කර ඇතිබව පොලිසිය පවසනවා.
මේ ස්ථාන ආසන්නයේ රථවාහන තදබදයක් ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
එමනිසා අනතුරු වළක්වා ගැනීම සඳහා එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී ඉතා සැලකිලිමත්ව හා වේගය පාලනය කරමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.