"සඳවෙල වසන් නිලඔර මුහුලසින් බැඳ... සොඳ පෙර දිගු නෙත සැදි නළල් මැද... සඳන් තාලාවක සිරිගත සුපුන් සඳ... රම මිතුර අග්බෝ වෙහෙර මන නද" හිරු සීල පාරමිතා වැඩසටහන අද වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේදී..
Friday, 01 May 2026 - 9:30 | Views - 70
පුර පසළොස්වක පොහොය අද (01) දිනට යෙදී තිබෙනවා.

පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරමින් හිරු සීල පාරමිතාව ආරම්භ වුණේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාර පරිවේණාධීපති පූජ්‍ය අගලකඩ විජිතධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන්.

උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය වතුරවිල සුජාත හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.

එසේම, අමා සිසිල ධර්ම සාකච්ඡාව, පෙරවරු 08.30 ට ආරම්භ වන්නේ වැලිගම අග්‍රබෝධි විහාරධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය මිදිගම සෝරත ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහගේ සහභාගීත්වයෙන්.

පෙරවරු 11.00 ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

හිරු සීල පාරමිතාව මෙතනින් නරඹන්න.



 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top