දුවන නුවන්ගේ අමානුෂික මෙහෙයුම.. ගුරුවරියකට පාරේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම..
Thursday, 30 April 2026 - 16:46 | Views - 91
ලුණුගම්වෙහෙර, මහානාගපුර ප්‍රදේශයේදී පාසල නිමවී නිවස බලායමින් සිටි ගුරුවරියකට හා සේවා පියසක නිලධාරිනියකට ඉතා අමානුෂික ලෙස පහරදීමේ පුවතක් වාර්තාවෙනවා.

මේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ගුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් දැඩි කම්පනයට මෙන්ම කෝපයට පත්ව සිටිනවා.

පෙරේදා (28) දින පාසල නිමවී යමින් සිටි ගුරුවරියකගේ යතුරුපැදිය හරස්කළ සැකකරු, ඇයට සිය ආරක්ෂිත හිස්වැසුමෙන් (Helmet) හිසට හා ශරීරයට පහරදී තිබෙනවා.

ඇය බේරීම සඳහා අසල පිහිටි "සේවා පියස" මධ්‍යස්ථානය තුළට දිවගොස් ඇති අතර, සැකකරු ඇය පිටුපස හඹාගොස් එහි සිටි ප්‍රජා සංවර්ධන නිලධාරිනියකටද අමානුෂික ලෙස පහරදී ඇතිබව වාර්තාවුණා.

මේ පහරදීම සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ප්‍රකට කසිප්පු ජාවාරම්කරුවෙකු වන "දුවන නුවන්" නමැති පුද්ගලයා බව පොලිසිය පවසනවා.

මොහු මීටපෙර බෝම්බ ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිට මෑතකදී නිදහස ලැබූ අයෙකු බවද අනාවරණය වෙලා තිබෙනවා.

පහරකෑ ගුරුවරිය සහ නිලධාරිනිය මේ වනවිට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඊයේ (29) දින ගුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ලුණුගම්වෙහෙර පොලිසිය ඉදිරිපිට විරෝධතාවයකද නිරතවුණා.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ලුණුගම්වෙහෙර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top