හෙට කොළඹ පාරවල් රැසක විශේෂ රථවාහන සැලැස්මක්.. පාරට බහින්න කලින් මේ ගැන දැනුවත් වෙන්න.
Thursday, 30 April 2026 - 9:54 | Views - 60
හෙට (01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින රැස්වීම් හා පෙළපාලි ඉලක්ක කරගනිමින් විශේෂ පොලිස් ආරක්ෂාවක් මෙන්ම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර අරගෙන තිබෙනවා.

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති රැසකගේ ප්‍රධාන රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට නියමිත බැවින් මහජනතාවගේ ආරක්ෂාව හා රථවාහන ගමනාගමනය විධිමත් කිරීම මෙහි මූලික අරමුණ බව පොලිසිය පැවසුවා.

ප්‍රධාන රැස්වීම් හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලද මැයි දින සැමරුම් සංවිධානය කරලා තිබෙනවා. මේ උත්සව සාමකාමී ලෙස පවත්වාගෙන යාමටත්, මාර්ග තදබදය අවම කිරීමටත් සියලුම පොලිස් ස්ථානවෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා.

හෙට දිනයේ සාමාන්‍ය රථවාහන ගමනාගමනයට බාධාවක් නොවන අයුරින් විකල්ප මාර්ග භාවිත කිරීමට ජනතාව දැනුවත් කරන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

විශේෂයෙන්ම පෙළපාලි ගමන් ගන්නා මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමටද නියමිතවෙලා තිබෙනවා.

මාර්ග සැලැස්ම පහතින් බලන්න..
No description available.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top