හෙට කොළඹ පාරවල් රැසක විශේෂ රථවාහන සැලැස්මක්.. පාරට බහින්න කලින් මේ ගැන දැනුවත් වෙන්න.
හෙට (01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින රැස්වීම් හා පෙළපාලි ඉලක්ක කරගනිමින් විශේෂ පොලිස් ආරක්ෂාවක් මෙන්ම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර අරගෙන තිබෙනවා.
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති රැසකගේ ප්‍රධාන රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට නියමිත බැවින් මහජනතාවගේ ආරක්ෂාව හා රථවාහන ගමනාගමනය විධිමත් කිරීම මෙහි මූලික අරමුණ බව පොලිසිය පැවසුවා.
ප්‍රධාන රැස්වීම් හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලද මැයි දින සැමරුම් සංවිධානය කරලා තිබෙනවා. මේ උත්සව සාමකාමී ලෙස පවත්වාගෙන යාමටත්, මාර්ග තදබදය අවම කිරීමටත් සියලුම පොලිස් ස්ථානවෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා.
හෙට දිනයේ සාමාන්‍ය රථවාහන ගමනාගමනයට බාධාවක් නොවන අයුරින් විකල්ප මාර්ග භාවිත කිරීමට ජනතාව දැනුවත් කරන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
විශේෂයෙන්ම පෙළපාලි ගමන් ගන්නා මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමටද නියමිතවෙලා තිබෙනවා.
මාර්ග සැලැස්ම පහතින් බලන්න..
