ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අද සිට අමාත්‍යාංශයට.. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කෙරෙන අතිශය තීරණාත්මක පියවර..
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කෙරෙන අතිශය තීරණාත්මක පියවරක් අද (29) ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ගෙන තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉදිරිපත්කළ ඉල්ලා අස්වීම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද නිල වශයෙන් පිළිගෙන ඇතිබව වාර්තාවු
මෙම ඉල්ලා අස්වීම් පිළිගැනීමත් සමඟ, ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට පියවරගෙන තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මේ තීරණය ගෙන ඇතිබව අමාත්‍යාංශය පැවසුවා.
ක්‍රිකට් ක්‍රීඩාවතුළ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම හා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම සඳහා නව කමිටුවක් කඩිනමින් පත්කිරීමටද කටයුතු සූදානම්කර තිබෙනවා.
ක්‍රීඩාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනයකර නැවත ජයග්‍රාහී මාවතට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙනයාම මෙහි ප්‍රධාන අරමුණවී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන මේ දැවැන්ත පරිපාලනමය වෙනස පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ද දැඩි උනන්දුවකින් පසුවන බව වාර්තාවුණා.