සාහිත්‍ය ලෝකයේ අමරණීය නාමයක් තැනූ.. දේශබන්දු සිරිසුමන ගොඩගේ දිවි ගමනින් සමුගනී..
Wednesday, 29 April 2026 - 10:28 | Views - 76
ශ්‍රී ලාංකීය ප්‍රකාශන ක්ෂේත්‍රයට හා සාහිත්‍ය ලෝකයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ "ගොඩගේ ප්‍රකාශන" ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්තවෙලා තිබෙනවා.

මියයනවිට ඔහු 90 වැනි වියේ පසුවුණා.

අකුරු ලොව දහස් ගණනකගේ බලාපොරොත්තු මල්පල ගැන්වූ මේ අපූරු මිනිසාගේ නික්මයාම සාහිත්‍යලෝලීන් සියලු දෙනාම කම්පනයට පත්කරලා තිබෙනවා.

සිරිසුමන ගොඩගේ දිවි ගමන දෙස හැරී බලනවිට එය අභියෝග රැසකින් ජයගත් ගමනක් බව පෙනීයනවා.

ඔහු 1936 මැයි මාසයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව නම් සුන්දර ගම්මානයේ උපත ලබා තිබෙනවා.

සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන්යුත් පවුලක හයවැනියා ලෙස උපන් ඔහු, තමන්ගේම උත්සාහයෙන් මෙරට විශාලතම ප්‍රකාශන ආයතනය ගොඩනැගීමට සමත්වුණා.

ලංකාවේ ලේඛක ලේඛිකාවන් දහස් ගණනකගේ කෘති මුද්‍රණය කරවා ලෝකයට දායාද කිරීමට ඔහු පියවර අරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම නවක ලේඛකයන්ට අතහිතදීම හා සම්භාව්‍ය සාහිත්‍ය කෘති ආරක්ෂා කරගැනීමට ඔහු කළ මෙහෙවර ඇගයීම සඳහා ඔහුට "දේශබන්දු" ගෞරව නාමයද පිරිනමා තිබෙනවා.

 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top