"ඒහි පස්සිකෝ" සාම පාගමන නිමවෙයි.. අද අලුයම පඤ්ඤාකර හිමියන් හා ආලෝකා කටුනායකින් පිටත්ව ගියේ මෙහෙමයි..
Wednesday, 29 April 2026 - 8:59 | Views - 71
ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් හා බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු "ඒහි පස්සිකෝ" (Walk for Peace) සාම පාගමන අද (29) නිල වශයෙන් අවසන්වුණා.

මේ සුවිශේෂී මෙහෙයුම සඳහා මෙරටට වැඩමකළ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා හා මේ පාගමනේ විශේෂ අවධානයක් දිනාගත් 'ආලෝකා' (Aloka) සුනඛයා ඇතුළු පිරිස අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්වෙලා තිබෙනවා.

ඔවුන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙතගොස්, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලායාමට නියමිතයි.

අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දන් පිළිගැන්වීමට කටයුතු කරලා තිබුණා.

එම අවස්ථාවට ගුවන් තොටුපොළේ විවිධ අංශවල සේවක සේවිකාවන්ද එක්වී ආශිර්වාද ලබාගත්බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ සංචාරයේදී කාගේත් ආදරය දිනාගත් 'ආලෝකා' සුනඛයාගේ සෞඛ්‍ය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳව පශු වෛද්‍යවරුන්, ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් මෙන්ම ගුවන් හමුදා නිලධාරීන්ද විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කර තිබීම විශේෂත්වයක්.






Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top