පාසල් යන්න ආ දරුවන්ට අද උදේ පාරේදී සිදුවුණු දේ.. බගවන්තලාවම කම්පාකළ අවාසනාවන්ත සිදුවීම..
බගවන්තලාව, රාණිකාඩු ප්‍රදේශයේ සිට පාසල් දරුවන් රැගෙන ධාවනයවූ බස් රථයක් අද (28) උදෑසන බරපතළ අනතුරකට ලක්වෙලා තිබෙනවා.
උදෑසන 7:30ට පමණ සිදුවූ මේ අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පාසල් දරුවන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතිබව වාර්තාවුණා.
ධාවනය වෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ (Breaks) හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට රියදුරාට නොහැකිවී තිබෙනවා.
එහිදී විශාල අනතුරක් වළක්වා ගැනීම සඳහා රියදුරා විසින් බස් රථය මාර්ගය අසලවූ පස් කන්දක ගැටීමට සලස්වා නතරකර ගැනීමට පියවරගෙන ඇතිබව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ දරුවන් 34 දෙනාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහලවෙත ඇතුළත් කරලා තිබෙනවා.
තුවාල ලැබූ දරුවන් අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය සැලකිල්ලටගෙන ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
සෙසු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.