එලිසබෙත් රැජිනට පසු චාල්ස් රජු ඇමරිකාවේදී කළ පෙරළිය.. ධවල මන්දිරයෙන් ඇසුණු අලුත්ම පුවත මෙන්න..
Tuesday, 28 April 2026 - 16:45 | Views - 223
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හා කැමිලා රැජින සිව්දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ තිබෙනවා.

මෙය 2007 වසරේදී දෙවන එලිසබෙත් රැජින සිදුකළ සංචාරයෙන් පසුව බ්‍රිතාන්‍ය රජෙකු ඇමරිකාවට පැමිණි පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක්වෙලා තිබෙනවා.

මෙරිලන්ඩ්හි ඇන්ඩෘස් හමුදා ගුවන් කඳවුරට පැමිණි රාජකීය යුවළව, ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා මෙලානියා ට්‍රම්ප් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

චාල්ස් රජු හෙට (අඟහරුවාදා) ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට නියමිත බව රාජකීය ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහිදී ඔහු මෑතකදී එල්ලවූ ප්‍රහාරය පිළිබඳව සියබලවත් කනගාටුව පළකරලා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම වෙන කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වී ඇති බවත්, ජාත්‍යන්තර අභියෝග හමුවේ සියලු දෙනා එක්ව සිටිය යුතු බවත් ඔහු සිය දේශනයේදී අවධාරණය කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, නේටෝ (NATO) සංවිධානයට සහායදීම හා යුක්රේනය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවද චාල්ස් රජු මෙහිදී කරුණු දක්වනු ඇතිබවයි.

ලෝක සාමය වෙනුවෙන් එම විශ්වාසයන් මත දැඩිව පෙනී සිටින ලෙස ඔහු ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවලින් ඉල්ලා සිටීමට සූදානම්වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top