හිරු TV හා හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස ගෝලීය සම්මානයට පාත්‍රවෙයි. ජාත්‍යන්තර රොයිටර්ස් පුවත් සේවය හා ෆෝබ්ස් වෙබ් අඩවියත් හිරුගේ විශිෂ්ටත්වය වාර්තා කරයි..
Tuesday, 28 April 2026 - 16:11 | Views - 61
මෙරට සුවහසක් ප්‍රේක්ෂක හා ශ්‍රාවක ජනතාව අතර නිරන්තරයෙන් ගෞරවාදරයට පත්වන හිරු TV හා හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය තවත් සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමකට පාත්‍රවුණා.

ඒ අනුව කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස හිරු මාධ්‍ය ජාලය 'Global Recognition Awards' හි 2026 වසර සඳහා වන "ගෝලීය ඇගයීම් සම්මානයෙන්" පිදුම් ලැබුවා.( https://globalrecognitionawards.org/winners/2026/asia-broadcasting-corporation-recognized-with-a-2026-global-recognition-award/ )

ආසියානු මාධ්‍ය ජාලයට හිමිවූ මේ ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය (https://forbesscotland.com/how-asia-broadcasting-corporation-built-sri-lankas-most-trusted-media-network/) සහ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය https://www.reuters.com/press-releases/asia-broadcasting-corporation-2026-award-media-leadership-south-asia-2026-04-24/ ද වාර්තා කර තිබෙනවා.

ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල වඩාත් නව්‍ය සහ කැපී පෙනෙන සමාගම් මෙන්ම නව දැක්මක් සහිත නායකයින් ඇගයීමට ලක් කරන Global Recognition Awards සම්මාන වැඩසටහන ජාත්‍යන්තරව පිළිගත් ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සම්මාන වැඩසටහනක්.

ව්‍යවසායකත්ව, නවෝත්පාදන සමාගම් ඇතුළු ප්‍රධාන කාණ්ඩ 04ක් යටතේ සම්මාන පිරිනමමින් වසර ගණනාවක් තිස්සේ ලොව විශිෂ්ඨතමයින් අගයන මෙම සම්මාන උළෙල 2026 වසර සඳහා පවත්වනු ලබන්නේ නව තාක්ෂණය, සේවා විශිෂ්ටත්වය හා උපායමාර්‌ගික නායකත්වය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්.

Global Recognition Awards සම්මානයෙන් ලෝක ප්‍රකට සමාගම් කිහිපයක්ම පිදුම් ලැබූ අතර ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය සහ ග්‍රැෆික් තාක්ෂණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් Nvidia ආයතනයත්, මොළය හා පරිගණක අතර සිදුකළ තාක්ෂණික පෙරළිය වෙනුවෙන් Neuralink නියුරාලින්ක් ආයතනයත් සම්මානයට පාත්‍රවුණා.

එමෙන්ම අභ්‍යාවකාශ තාක්ෂණයේ මෑතකාලීන දැවැන්ත පෙරළිකාරයෙකු බවට පත්වූ SPACEX සමාගමද Global Recognition Awards සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම සම්මාන වැඩසටහනේදී හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය, ගෝලීය ඇගයීම් සම්මානයට පාත්‍ර වුණේ කලාපයේ වඩාත් විශ්වසනීය සහ බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙසයි.

ආසියානු මාධ්‍ය ජාලයට හිමිවූ මෙම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය මෙන්ම ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවියත් වාර්තාකර තිබුණා.

දකුණු ආසියාව තුළ මාධ්‍ය ප්‍රමිතීන්, මාධ්‍ය නවෝත්පාදන සහ විශ්වසනීය ජනමාධ්‍යවේදයක් ප්‍රචලිත කිරීමට ආසියානු මාධ්‍ය ජාලය සිදුකර ඇති මෙහෙවරට ලැබුණු පිළිගැනීම රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙන අතර එම මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ලෙස රේනෝ සිල්වා මැතිතුමන්ගේ නායකත්වය හා කාර්යභාරය පිළිබඳවත් ඇගයීමට ලක්කර තිබෙනවා.

ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවිය පළ කළ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම මාධ්‍ය ජාලය ලෙස හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ගොඩනැගීම සඳහා නායකත්වය දුන් එහි සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ කාර්යභාරය අගයකර තිබුණා.

දශක 3කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික මාධ්‍ය ජාලය රේනෝ සිල්වා මැතිතුමන් විසින් ගොඩ නගා ඇත්තේ උරුමය හෝ ඒකාධිකාරයක් හරහා නොව සිය උපායමාර්ගික චින්තනය, නවීන තාක්ෂණය හා අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමේ ශක්‍යතාව පිළිබිඹු කරමින් බවයි එහි දැක්වෙන්නේ.

මෙම සම්මානය පිරිනැමීම පිලිබඳව Global Recognition Awards ආයතනයේ ප්‍රකාශක ඇලෙක්ස් ස්ටලින් පවසන්නේ " 2026 ගෝලීය ඇගයිම් සම්මානය හරහා ABC මාධ්‍ය ජාලය මෙලෙස ඇගයීමට ලක්වීම මාධ්‍ය ආයතනයක් විසින් සෑම අංශයකින්ම ගුණාත්මකභාවය, මහජන සේවය සහ විශිෂ්ටත්වය අඛණ්ඩව හඹා යාම වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ විට ලබාගත හැකි සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බවයි.

උපාය මාර්ගික පැහැදිලි බව සහ මහජනතාව කෙරෙහි වූ සැබෑ වගකීමක් මගින් මෙහෙයවන විට විකාශන ක්ෂේත්‍රයේ නායකත්වයට ළඟාවිය හැකි ජයග්‍රහණ මොනවාද යන්න පිළිබඳව හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පැහැදිලි උදාහරණයක් ලබාදෙන බවද ඔහු පවසනවා.

මෙරට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කලාව නව මානයකට ඔසවා තැබූ හිරු වෙත අඛණ්ඩව තබන අසම සම විශ්වාසය වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක, ශ්‍රාවක ඔබට හිරු අපගේ ප්‍රණාමය...
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top