විශ්වවිද්‍යාල වරම් ලැබූවන්ට අද සිට තීරණාත්මක කාලසීමාවක්. සම්පූර්ණ විස්තරය මෙන්න..
2025 උසස් පෙළ ප්‍රතිඵල මත සරසවි වරම් හිමිකරගත් දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් බලාපොරොත්තු සහගතව සිටි තීරණාත්මක පියවරක් අද (28) සිට ක්‍රියාත්මකවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරලා තිබෙනවා.
ඒ අනුව, මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට ලබන මැයි මස 19 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතවෙලා තිබෙනවා.
පසුගිය මාර්තු 31 වනදා ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, මෙවර විභාගය සඳහා ඉදිරිපත් වූ සමස්ත අපේක්ෂකයින් 281,810 දෙනා අතරින් 176,527ක් සරසවි වරම් ලබා ගැනීමට සමත්වෙලා තිබෙනවා.
එය සමස්ත අපේක්ෂකයින්ගෙන් 62.64%ක ප්‍රතිශතයක් බව වාර්තාවුණා.
විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කළ තොරතුරුවලට අනුව,
විභාගයට පෙනී සිටි පිරිසෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත්වෙලා තිබෙනවා.
ඒ වගේම විවිධ හේතූන් මත අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමටත් පියවරගෙන තිබෙනවා.
අභියෝගාත්මක විභාගයක් වූ මෙවරත් පාසල් සිසුන් 7,477ක් සියලු විෂයන් සඳහා 'A' සාමාර්ථ ලබාගෙන ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකුද එම විශිෂ්ට ජයග්‍රහණය ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැති මේ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 221,413ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් පෙනී සිටියා.