හදිස්සියේ ඇදහැළුණු වැස්සත් සමග ආ මාරයා.. විජිතපුර ගොවීන් දෙදෙනෙකුට අත්වුණු ඛේදජනක ඉරණම..
කලාවැව හා විජිතපුර ප්‍රදේශවලට ඊයේ (27) පස්වරුවේ ඇදහැළුණු තද වර්ෂාවත් සමඟ වගාබිමක වැඩකරමින් සිටි ගොවීන් දෙදෙනෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ අතිශය ශෝචනීය පුවතක් වාර්තාවුණා.
ඊයේ පස්වරුවේ මේ අනතුර සිදුවුණු බව ඉපලෝගම පොලිසිය පැවසුවා.
මේ ගොවීන් දෙදෙනා සිය වගාබිම්වල බිම් සැකසීමේ කටයුතුවල නිරතව සිටියදී හදිසියේම මේ අකුණු ප්‍රහාරයට ලක්වූ බව මූලික විමර්ශනවලදී හෙළිවුණා.
වැසි සහිත කාලගුණයත් සමඟ නොසිතූ මොහොතක එල්ලවූ මේ ප්‍රහාරයෙන් ඔවුන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජෙමාල්දීන් බදූර්දීන් (50) හා ජැක්සන් සේනාරත්න (49) යන විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවුණු මේ මරණ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්..