මිල්ලනියේ යතුරුපැදියකින් ආ තරුණියක් නිසා හෙළිවූ පවුලේ රහස. මවටත් වැඩ වරදින්න ගිය හැටි මෙන්න.
මිල්ලනිය පොලිස් වසමට අයත් කෙලෙස්ගමුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ මවක හා දියණියක හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වෙලා තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 25 හැවිරිදි තරුණියක් හා ඇගේ 45 හැවිරිදි මවයි.වාර්තාවන අන්දමට මේ තරුණිය මානාන දෙස සිට මිල්ලනිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් ඇයව නවතා පරීක්ෂාකර තිබෙනවා.
එම අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී මත්කුඩු පැකට් 15ක් සොයාගත් අතර මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 51,570ක මුදලක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් තරුණියගෙන් හෙළිවූ තොරතුරු මත පොලිස් කණ්ඩායමක් කෙලෙස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් දැක මව පලා යාමට උත්සාහකර ඇති නමුත්, පසුව ඇය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 2,220ක් සොයා ගැනීමට හැකිවෙලා තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මේ පවුලේ සාමාජිකයන් මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී ඇති බවයි.
අත්අඩංගුවටගත් තරුණියගේ වැඩිමහල් සහෝදරයා හා මවගේ දෙවන පුරුෂයාද මේ වනවිට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටිනවා.අත්අඩංගුවටගත් මව හා දියණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි මස 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර තිබෙනවා.