හෙට කොළඹ යන අයට විශේෂ දැනුම්දීමක්.. මාර්ග රැසක් වැසෙයි.. පොලිසියෙන් හදිසි රථවාහන සැලැස්මක්..
Monday, 27 April 2026 - 16:40 | Views - 131
හෙට (28) දිනයේ කොළඹ නගරය ආශ්‍රිතව ගමන් කිරීමට බලාපොරොත්තුවන ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකරලා තිබෙනවා.

ලෝක සාම පාගමන කොළඹින් අවසන් වීමට නියමිතව තිබෙන නිසා ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය තීරණය කරලා තිබෙනවා.

මේ සැමරුම් උත්සවය හෙට සවස 04:00ට කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවෙලා තිබෙනවා.

හෙට උදෑසන 11:00 සිට අවස්ථානුකූලව ඇතිවන තත්ත්වයන් මත බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හන්දිය දක්වා, මරදාන පාර, වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, ස්ටැපල් වීදිය හා ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනය සීමාකිරීමට කටයුතු කරලා තිබෙනවා.

මෙම කාල සීමාව තුළ ඇති විය හැකි දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීම සඳහා හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top