වනාතවිල්ලුවේ ලැක්ටෝවත්තේදී අද සිදුකළ අමුතුම මෙහෙයුම.. දැඩි ආරක්ෂාවක් මැද අළු කර දැමූ රහස මෙන්න..
Monday, 27 April 2026 - 16:05 | Views - 74
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයභාරයේ තිබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) දිනයේදී විනාශ කිරීමට පියවරගෙන තිබෙනවා.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ හා දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ මේ කටයුත්ත සිදුකළබව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
පොලිස්භාරයට ගෙන තිබූ කිලෝග්‍රෑම් 302කට ආසන්න මේ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සඳහා පුත්තලමේ පිහිටි වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුනවෙත රැගෙනගොස් තිබෙනවා.
මෙලෙස විනාශකර ඇත්තේ අධිකරණ කිහිපයක නඩු කටයුතු අවසන්වූ මත්ද්‍රව්‍ය තොගයක්.
බලපිටිය හා හලාවත අධිකරණවල විභාගවූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු විනාශ කෙරුණු මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක්, ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක් අධිකරණ නියෝගයකට අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය විනාශකළ බවත්, එම අවස්ථාව සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක්ද සහභාගීවූ බවත් වාර්තාවුණා.
Share This Article