අද දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්.. විශ්වවිද්‍යාල සිසුන් එළියට බසී..
Monday, 27 April 2026 - 15:18 | Views - 89
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (27) දහවල් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇත්තේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය සංගමයයි.

සිය අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබානොදීම හේතුවෙන් මොවුන් මෙලෙස අමාත්‍යාංශය වැටලීමට පියවරගෙන තිබෙනවා.

සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලයේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ වාර්තාව, 2025 ජූලි මස 02 වැනිදා අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත්කර ඇති බවයි.

එහෙත් එම වාර්තාව ඉදිරිපත්කර මාස කිහිපයක් ගතවී ඇතත්, එහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක්ගෙන නොමැති බවට සිසුන් බරපතළ ලෙස චෝදනාකරනවා.

කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවීම නිසා විශ්වවිද්‍යාලයේ දෛනික අධ්‍යයන කටයුතු මෙන්ම ශිෂ්‍ය සුභසාධනයද මේ වනවිට බරපතළ ලෙස කඩාවැටී ඇතිබව ශිෂ්‍ය සංගමය පෙන්වාදෙනවා.

තම ගැටලුවලට සාධාරණ විසඳුමක් ලැබෙනතෙක් සටන අත්නොහරින බව පවසන සිසුන්, අදාළ නිලධාරීන් වහාම මේ සම්බන්ධයෙන් මැදිහත් වියයුතු බව අවධාරණයකර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top