රාජ්‍ය සේවයේ දැවැන්ත වෙනසක්.. හෙට සිට ක්‍රියාත්මකවන නව නීති මාලාව මෙන්න.
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා රජය විසින් අතිවිශේෂ තීරණයක් අරගෙන තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට රාජකාරි කිරීමට අදාළ නවතම මාර්ගෝපදේශ මාලාවක් ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව හඳුන්වාදීලා තිබෙනවා.
මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඉන්ධන සැපයුම් සීමාවන්ට පිළියමක් ලෙස මේ පියවරගෙන තිබෙනවා.
නව මාර්ගෝපදේශවලට අනුව රජයේ ලේඛන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සහන රැසක් හිමිවෙලා තිබෙනවා.
රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම හා සංසරණය කිරීම දැන් නීත්‍යානුකූලයි.
ඒ වගේම ස්කෑන් කරනලද අත්සන්, ඩිජිටල් අත්සන් හෝ නිල ඊ-මේල් මගින් හුවමාරුවන ලේඛන පූර්ණ වලංගු ලේඛන ලෙස පිළිගැනීමට රජය තීරණය කරලා තිබෙනවා.
රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සඳහා රජය විසින් විශේෂයෙන් හඳුන්වා දුන් meet.gov.lk වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව ප්‍රධාන සන්නිවේදන මෙවලම ලෙස භාවිතා කිරීමට නියමිතයි.
අවශ්‍යතාවක් පවතී නම් පමණක් වෙනත් වාණිජ වේදිකා (Zoom, Google Meet වැනි) සීමිත කාලයකට භාවිතා කිරීමටද අවසර හිමිවෙලා තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම හා තොරතුරු ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති අතර මේ සියලු කරුණු ඇතුළත් 2026 අප්‍රේල් 23 දිනැති අංක 02/2026 චක්‍රලේඛය මගින් සියලුම රාජ්‍ය අංශවෙත නිලවශයෙන් දැනුම්දීලා තිබෙනවා.