පාලන මිල අමතක කළ වෙළෙන්දන්ට වැඩ වැරදෙයි.. දිවයින පුරා සිදුවූ හදිසි වැටලීම් මෙන්න.
Monday, 27 April 2026 - 13:01 | Views - 102
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා පානීය ජලය වැඩිමිලට අලෙවි කරමින් පාරිභෝගිකයින් සූරාකෑ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා.

පසුගිය 24 වැනිදා සිදුකළ මේ හදිසි වැටලීම්වලදී වැරදිකරුවන්වූ ව්‍යාපාරිකයින්ට අධිකරණය විසින් දැවැන්ත දඩමුදල් නියමකර තිබෙනවා.

මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ හා හපුතලේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී කීරි සම්බා ඇතුළු සහල් වර්ග පාලන මිල ඉක්මවා අලෙවිකළ ව්‍යාපාරිකයින් රැසක් කොටුවී තිබෙනවා.

මෙහිදී අධිකරණය විසින් ලබාදුන් තීන්දුවලට අනුව ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල හා ගිරාඳුරුකෝට්ටේ ව්‍යාපාරිකයින්ට රුපියල් ලක්ෂය බැගින් දඩ නියමවෙලා තිබෙනවා.

ඒ වගේම හපුතලේ ප්‍රදේශයේ සහල් වෙළෙඳසැල් හිමියාට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවීමට සිදුවෙලා තිබෙනවා.

සහල්වලට අමතරව පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවිකළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුටද නීතිය තදින්ම ක්‍රියාත්මකවෙලා තිබෙනවා.

වැඩි මිලට වතුර බෝතල් විකුණූ හපුතලේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දැවැන්ත දඩයක් නියමකර ඇති අතර අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියමකර තිබෙනවා.

ඉදිරියටත් මෙවැනි වැටලීම් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top