දුම්රිය ගමනාගමනයට තදබල බලපෑමක්.. ලොකොමොටිව් රියදුරන්ගෙන් දැඩි තීරණයක්..
Monday, 27 April 2026 - 12:25 | Views - 77
අද දිනයේ සිට දුම්රිය මගීන්ට යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවෙලා තිබෙනවා.

ඒ, තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය තීරණය කරලා තිබෙනවා.

ඊයේ දිනයේ සිට දුම්රිය ධාවනයේදී වේග සීමාද තරයේ පිළිපැදීමට සියලුම රියදුරන් පියවරගෙන ඇතිබව ලොකොමොටිව් රියදුරන්ගේ සංගමයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ සඳහන් කළා.

තාක්ෂණික දෝෂ සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීම හා වේගසීමා අකුරටම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය ගමන් වාරවල යම් ප්‍රමාදයන් ඇතිවිය හැකිබව එම සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.

එබැවින් දුම්රියෙන් ගමන්කරන මගීන්ට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම්දීලා තිබෙනවා.

දුම්රිය රියදුරන්ගේ මේ ක්‍රියාමාර්ගය මධ්‍යයේ වුවද, අද සිට 'සාගරිකා' දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top