දුම්රිය ගමනාගමනයට තදබල බලපෑමක්.. ලොකොමොටිව් රියදුරන්ගෙන් දැඩි තීරණයක්..
අද දිනයේ සිට දුම්රිය මගීන්ට යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවෙලා තිබෙනවා.
ඒ, තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය තීරණය කරලා තිබෙනවා.
ඊයේ දිනයේ සිට දුම්රිය ධාවනයේදී වේග සීමාද තරයේ පිළිපැදීමට සියලුම රියදුරන් පියවරගෙන ඇතිබව ලොකොමොටිව් රියදුරන්ගේ සංගමයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ සඳහන් කළා.
තාක්ෂණික දෝෂ සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීම හා වේගසීමා අකුරටම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය ගමන් වාරවල යම් ප්‍රමාදයන් ඇතිවිය හැකිබව එම සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.
එබැවින් දුම්රියෙන් ගමන්කරන මගීන්ට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම්දීලා තිබෙනවා.
දුම්රිය රියදුරන්ගේ මේ ක්‍රියාමාර්ගය මධ්‍යයේ වුවද, අද සිට 'සාගරිකා' දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරලා තිබෙනවා.