බොරළුකැටිය ප්‍රදේශයම සලිතකළ රිය අනතුර.. ත්‍රීරෝද රථයේ රෝදය ගැලවී ගිහින් අන්තිමේදී සිදුවුණු දේ..
පාදුක්ක - හොරණ මාර්ගයේ බොරළුකැටිය ප්‍රදේශයේදී අද (27) අලුයම අතිශය අවාසනාවන්ත රිය අනතුරක් සිදුවෙලා තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ රථයක රෝදයක් ගැලවී යාමෙන් සිදුවූ මේ අනතුරින් 43 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන මේ පුද්ගලයා, හොරණ කොටිගම්ගොඩ ප්‍රදේශයේ සිට "චූන් පාන්" රථයකින් ආහාර විකිණීම සඳහා පාදුක්ක දෙසට ධාවනය කරමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේදී එක්වරම ත්‍රීරෝද රථයේ දකුණු පස රෝදය ගැලවී ගොස් ඇති අතර, රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ඇදී ගොස් තිබෙනවා.
එලෙස පාලනයෙන් මිදුණු රථය, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණගැටී ඇතිබව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරු වහාම පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරලා තිබෙනවා.
එහෙත් ඔහු රෝහලට ඇතුළත්කරන විටත් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවුණු අන්දමට අනතුර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාවේදී ලොරි රථ රියදුරුට පහරදීමට තැත්කළ ප්‍රදේශවාසියෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් සැකකරුවන් හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාදුක්ක පොලිසියේ රථ වාහන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරලා තිබෙනවා.