පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට.. කාන්තාවන් දෙදෙනෙකුට එල්ලවූ මාරක තර්ජනය මෙන්න.
පසුගිය කාලසීමාව පුරාවටම විවිධ සිදුවීම් හරහා දැඩි කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජනයකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා.
වාර්තා වන අන්දමට දීර්ඝකාලීන ඉඩම් ආරවුලක් මේ නොසන්සුන්කාරී තත්ත්වයට මුල්වෙලා තිබෙනවා. අදාළ ඉඩම තමන් සතු බව මන්ත්‍රීවරයා පවසන අතර, තවත් පාර්ශ්වයක්ද එහි අයිතිය ඉල්ලා සිටිනබව වාර්තාවුණා.
මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනබව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරලා තිබෙනවා.
පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී මේ ගැටුම උත්සන්න වෙලා තිබෙනවා.
එහිදී ඉඩමේ අයිතිය ඉල්ලා සිටින කාන්තාවන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබෙනවා.
එම අවස්ථාවේදී දැඩිලෙස උරණ වූ මන්ත්‍රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය පිස්තෝලය පෙන්වා තර්ජනය කරලා තිබෙනවා.
අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරිනීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය පොලිසිය කටයුතු කරමින් පවතිනවා.
Breaking News : හිරු ප්‍රවෘත්ති අසුරෙන්.