අද දහවල් 1.00න් පසු මුළු රටේම ලොකු වෙනසක්.. කාලගුණයෙන් නිකුත්කළ විශේෂ නිවේදනය මෙන්න.
Monday, 27 April 2026 - 9:56 | Views - 112
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (27) දහවල් කාලයෙන් පසුව කාලගුණයේ විශේෂ වෙනසක් සිදුවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරලා තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව එම නිවේදනයේ දැක්වෙනවා.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරු-මැද පළාත හා කුරුණෑගල දිස්ත්‍රික්කයටත් තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතිනබව වාර්තාවුණා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවටයි පුරෝකථනය කරලා තිබෙනවා.

වැසි සහිත තත්ත්වයට අමතරව මධ්‍යම හා සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, කුරුණෑගල හා බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිබව එම නිවේදනයේ සඳහන් කරලා තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top