අද දහවල් 1.00න් පසු මුළු රටේම ලොකු වෙනසක්.. කාලගුණයෙන් නිකුත්කළ විශේෂ නිවේදනය මෙන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (27) දහවල් කාලයෙන් පසුව කාලගුණයේ විශේෂ වෙනසක් සිදුවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරලා තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව එම නිවේදනයේ දැක්වෙනවා.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරු-මැද පළාත හා කුරුණෑගල දිස්ත්‍රික්කයටත් තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතිනබව වාර්තාවුණා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවටයි පුරෝකථනය කරලා තිබෙනවා.
වැසි සහිත තත්ත්වයට අමතරව මධ්‍යම හා සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, කුරුණෑගල හා බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිබව එම නිවේදනයේ සඳහන් කරලා තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.