සතියකට පෙර දුන් අනතුරු ඇඟවීම සැබෑවෙමින් ජපානය යළිත් සලිතවෙයි. තත්ත්වය බරපතලද?
Monday, 27 April 2026 - 8:04 | Views - 104
උතුරු ජපානයේ හොකයිඩෝ (Hokkaido) දූපත් කලාපයේ අද (27) අලුයම ප්‍රබල භූමිකම්පාවක් සිදුවෙලා තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයකින් මේ භූ කම්පනය වාර්තාවී ඇතිබව විදෙස් මාධ්‍ය පැවසුවා.

මේ භූමිකම්පාවත් සමඟ ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත්වුණත් කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදුවූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවෙලා නැහැ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, මේ භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කිරීමට අවශ්‍යතාවයක් පැනනොනැගුණු බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය සරබෙට්සු (Sarabetsu) නගරයට කිලෝමීටර් 18 ක් බටහිරින් පිහිටලා තිබෙනවා. එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 81ක් ගැඹුරින් සිදුවෙලා තිබෙනවා.

මීට සතියකට පෙර ජපානයේ සිදුවූ ඒකක 7.7ක ප්‍රබල භූමිකම්පාවත් සමඟ, එරට ඊසානදිග වෙරළ තීරයට ඉදිරියේදී දැවැන්ත භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීන් මීටපෙර අනතුරු අඟවලා තිබුණා.

එබැවින් ඉදිරි දින කිහිපය තුළදී අවදියෙන් පසුවනලෙස ජපාන සහන සේවාඅංශ එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top