වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක් රැකගන්න ඔස්ට්‍රේලියානු බලධාරීන් කළ දේට ලෝකයෙන්ම පැසසුම්..
Thursday, 23 April 2026 - 15:27 | Views - 35
ලෝකයේ හැම රටක්ම පාහේ විවිධ කාලසීමාවලදී දේශගුණික විපර්යාස නිසා පීඩාවට පත් වෙනවා.

ඒ නිසා සතුන්ටත් මිනිසුන්ට වගේම අපහසුතාවලට මුහුණදෙන්න වෙන අවස්ථා ඕනෑතරම්..


මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් සිද්ධියක් ගැනයි. මේ කතාව වාර්තා වෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් බේරා ගැනීම සඳහා එරට බලධාරීන් අපූරු මෙහෙයුමක් දියත් කර තිබුණා.

දරුණු නියඟය හේතුවෙන් මෙම සතුන්ගේ ස්වභාවික ආහාර ප්‍රභවයන් විනාශ වී යාම නිසා, ඔවුන් දැඩි ලෙස කුසගින්නෙන් පීඩා වින්දා.

මෙම තත්ත්වයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ගුවන් මගින් කැරට් සහ බතල ටොන් ගණනින් එම දුෂ්කර කඳුකර ප්‍රදේශවලට හෙළීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

නියඟයෙන් පීඩිත වූ සතුන්ට අවශ්‍ය පෝෂණය කඩිනමින් ලබා දීම මෙහි අරමුණයි. මිනිසුන්ට ළඟා වීමට අපහසු කඳුකර බෑවුම්වල වෙසෙන වොලබි සතුන් වෙත ආහාර සපයනු ලබන්නේ හෙලිකොප්ටර් යානා මගිනි.

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මෙම සත්ව විශේෂය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සැලකෙනවා.

මෙම මානුෂීය මෙහෙයුම ස්වභාවධර්මය රැක ගැනීම වෙනුවෙන් සිදු කරන ලද ඉතාමත් පැසසුම් සහගත මැදිහත්වීමක්.

Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top