නාන කාමරයේ සිටි කායවර්ධන උපදේශිකාවට සිදුවුණේ කුමක්ද..? වීඩියෝගත කළ තරුණයාට වැඩ වරදිද්දී, ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
සිදුවීම කුමක් වුණත් මේ වනවිට අදාළ වරදකරුට නියමිත දඬුවම හිමිවේවි.
මේ කතාව ඇසෙන්නේ කොළඹ තදාසන්න ප්‍රදේශයකින්. ඇය වෘත්තියෙන් කායවර්ධන උපදේශකවරියක්.
කොළඹ හතේ නිවසක පදිංචිව සිටි 25 හැවිරිදි කායවර්ධන උපදේශකවරියක් නාන කාමයේ දිය නාමින් සිටියදී ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස හතරවැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ඊයේ නියෝග කළා.
බදුල්ල ප්‍රදේශයේ පදිංචි, කොළඹ 7, ටොරින්ටන් ඇවනියු ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචි තරුණියක විසින් කරන ලද පැමිණිල්ලක් මත කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් මරදමුණේ පදිංචිකරුවකු වන සැකකරු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
පැමිණිල්ල වෙනුවෙන් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සැකකරු පැමිණිලිකාරිය පදිංචිව සිටි කොළඹ හතේ නිවසට යාබද නිවසේ කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත්, ඔහු විසින් සිය ජංගම දුරකථනය මගින් පැමිණිලිකාරිය නාන කාමරයේ දිය නාමින් සිටියදී එහි තිබූ කවුළුවක් අතරින් වීඩියෝ ගත කිරීමක් සිදුකර ඇති බවත් දන්වා සිටියේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙසද කුරඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අරුණ පුවත්පත ඇසුරෙන්..