රංගනයෙන් වගේම මෝඩ්ලින් වලින් රසික හදවත් දිනූ දිනිතිගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න...
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක් තමයි දිනිති වල්ගමගේ.
ඇය සතු ඒ උපන් හපන්කම සහ නිහතමානී බව නිසාම රසිකයන් ඇයට දක්වන්නේ ඉහළ ආදරයක්.
පසුගිය දවසක දිනිති මහනුවර ප්‍රදේශයේ සංචාරය කරද්දී ගත් ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
දිනිති මේ ඡායාරූප පෙළ පල කරමින් අපූරු සටහනක් තබා තිබුණා. සැබවින්ම ඒ ඡායාරූප දකින ඕනෑම කෙනෙකුට හැඟෙන්නේ ඇය වෘත්තීය මට්ටමේ නිරූපිකාවකටත් වඩා ආකර්ෂණීය ලෙස කැමරා ඇසට හසුවී ඇති බවයි.
මහනුවර සිසිල් පරිසරයත් සමඟ ඇගේ ඒ සුන්දරත්වය තවත් ඔපවත්වී තිබුණා.
රංගන ශිල්පිනියක් විදිහට ඇය පෙන්වන දක්ෂතාවය වගේම, නිවේදන ක්ෂේත්‍රයේ ඇය සතු චතුර බව හැමෝම දන්නවා.
හැබැයි මේ ඡායාරූපවලින් පෙනෙන්නේ දිනිති කියන්නේ ඕනෑම විලාසිතාවකින් කැපී පෙනෙන, ඉතාමත් ඉහළ 'Fashion sense' එකක් තියෙන තරුණියක් බවයි.

