හීන දකින ක්‍රීඩා තරු වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයෙන් සුවිශේෂී සත්කාරයක්...
Thursday, 23 April 2026 - 14:46 | Views - 146
රී ලංකාවේ පාසැල් මලල ක්‍රීඩා වංශ කතාවේ ඉපැරණිතම සහ ප්‍රධානතම තරගාවලිය ලෙස සැලකෙන "ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය" මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙරට අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරන මේ මහා ක්‍රීඩා මංගල්‍යයට මෙවර අසිරිමත් ශක්තියක් ලැබී තිබීම විශේෂත්වයක්.


පාසැල් මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සෘජු මඟ පෙන්වීම යටතේ, මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලි 11ම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීමට හිරු මාධ්‍ය ජාලය ඉදිරිපත් වී තිබෙනවා. ඊට අදාළ නිල ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (22) දින සිදු කෙරුණේ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගනිමින්.

මෙවර තරගාවලි පෙළ ගැසෙන්නේ මෙලෙසයි..

සහය දිවීමේ තරගාවලිය-මැයි මස 21, 22 සහ 23 - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී.

ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය-සැප්තැම්බර් මස 07, 08, 09 සහ 10 - දියගමදී.

12න් පහළ තරගාවලිය-නොවැම්බර් 03 සහ 04 දෙදින තුළ.

55 වැනි කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය-නොවැම්බර් 05, 06 සහ 07 තෙදින පුරා.

අදියර හයක් යටතේ ක්‍රියාත්මක වන මේ දැවැන්ත ක්‍රීඩා සත්කාරය හරහා හෙට දවසේ ජාත්‍යන්තරය දිනන ක්‍රීඩා තරු රැසක් බිහිවන බව හිරු මාධ්‍ය ජාලයේ අපේක්ෂාවයි. දක්ෂතා තිබුණත් අතහිත දෙන්නට කෙනෙකු නැතිව සිටින අපේ රටේ දිරිය දරුවන්ට හිරු TV සහ හිරු FM ලබාදෙන මේ ශක්තිය සැබවින්ම අගය කළ යුත්තක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top