ක්‍රිකට් උන්මාදය යළිත් ඇරඹෙයි.. විදේශීය ක්‍රීඩකයින්ට දොරටු විවෘත වන දවස මෙන්න.
Wednesday, 22 April 2026 - 17:36 | Views - 119
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් නොඉවසිල්ලෙන් බලාසිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය එළඹෙන ජූලි මස 10 වැනිදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.

අගෝස්තු මස 5 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලිය, මෙරට ප්‍රමුඛතම විස්සයි-20 ලීග් තරගාවලියේ හයවන අදියර ලෙසයි සැලකෙන්නේ.

මෙවර තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ SSC ක්‍රීඩාංගණය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (RPICS), පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (PICS), රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (RDICS)යන ක්‍රීඩාංගණවලදී මෙවරත් ප්‍රේක්ෂකයින්ට උණුසුම් තරග අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසිලා තිබෙනවා.

තරගාවලියට එක්වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහාවන අන්තර්ජාල ද්වාරය (Online portal) එළඹෙන මැයි මස 4 වැනිදා විවෘත කිරීමට නියමිතයි.

මේ හරහා ලොව දක්ෂතම විස්සයි-20 ක්‍රීඩකයින් රැසක් මෙවරත් LPL සමඟ එක්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකුවන සමන්ත දොඩන්වෙල මෙවරත් තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

පසුගිය වසරවල මෙන්ම ඉතා සාර්ථක හා විනිවිදභාවයකින්යුත් තරගාවලියක් පවත්වා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරමුණවෙලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top