ක්‍රිකට් උන්මාදය යළිත් ඇරඹෙයි.. විදේශීය ක්‍රීඩකයින්ට දොරටු විවෘත වන දවස මෙන්න.
Wednesday, 22 April 2026 - 17:36 | Views - 120

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් නොඉවසිල්ලෙන් බලාසිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය එළඹෙන ජූලි මස 10 වැනිදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.
අගෝස්තු මස 5 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලිය, මෙරට ප්‍රමුඛතම විස්සයි-20 ලීග් තරගාවලියේ හයවන අදියර ලෙසයි සැලකෙන්නේ.
මෙවර තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ SSC ක්‍රීඩාංගණය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (RPICS), පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (PICS), රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (RDICS)යන ක්‍රීඩාංගණවලදී මෙවරත් ප්‍රේක්ෂකයින්ට උණුසුම් තරග අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසිලා තිබෙනවා.
තරගාවලියට එක්වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහාවන අන්තර්ජාල ද්වාරය (Online portal) එළඹෙන මැයි මස 4 වැනිදා විවෘත කිරීමට නියමිතයි.
මේ හරහා ලොව දක්ෂතම විස්සයි-20 ක්‍රීඩකයින් රැසක් මෙවරත් LPL සමඟ එක්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකුවන සමන්ත දොඩන්වෙල මෙවරත් තරගාවලි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබනවා.
පසුගිය වසරවල මෙන්ම ඉතා සාර්ථක හා විනිවිදභාවයකින්යුත් තරගාවලියක් පවත්වා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරමුණවෙලා තිබෙනවා.
Share This Article